Pages

dont worry lets finish pimples - කරදර වෙන්න එපා කුරුලෑ වදය ඉවරකරමු



ඔන්න මම කියන්න යන්නෙ යෞවනය වියේ අයට බහුල ප්‍රශ්නයක් ගැන. ගොඩක් අය මානසිකව වැටෙනවනේ කන්නාඩිය දිහා බලාගෙන. කුරුලෑ වලින් වෙන්නේ අපේ සිරුරේ තියෙන විෂ සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම.  මුහුණේ කුරුලෑ එන්න හේතු ගැන අපි ටිකක් බලමු.
  • අපිරිසිදු සම.
  • තෙල් සහිත සමක් පැවතීම.
  • මානසික ආතතිය.
  • සිරුරේ බැක්ටීරියා අසාදන තිබීම.
  • මේද සහ උෂ්ණ අදිකව ඇති ආහාර ගැනීම.
  • හෝමෝන ක්‍රියාකාරිත්වය.

මේ වගේ කරුණු හේතුවෙන්න පුළුවන් කුරුලෑ හටගැනීමට.
මේවා හොදකරන්න පුලුවන්ද ඇහුවොත් ගොඩක් අය කියයි ඔව් doctor කෙනෙක් හම්බෙන්න කියලා. බෙහෙත් ගන්න ගියොත් නිර්දේශ කරන්නේ හෝමෝන ක්‍රියාකාරිත්වය හෝ දැඩි ක්‍රියාකාරිත්වයක් ඇති antibiotics එහෙමත් නැතිනම් රසායනිය ද්‍රව්‍ය මත පදනම් ඒවා. ඇත්තටම ඒවා සාර්ථක වීම පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුළුවන්. පොදුවේ ගෙදරදීම කරන්න පුළුවන් top tips කිහිපයක් තමා කියන්න හදන්නේ.

එදිනෙදා පුරුදු


මුලින්ම ඔබේ සම හොදින් රැකබලාගෙන ආරක්ෂා කිරීම කරන්න ඕනි. සැම විටම පිරිසිදුව සම තබාගන්න පුළුවන් නම් ගොඩක් දුරට කුරුලෑ එම වලක්වගන්න පුළුවන්. එත් හැමවෙලේම පිරිසිදු කරන්න යන්නත් එපා මොකද ඕනෑම දෙයක් ඕනිවට වඩා ඕනි නැ එක නිසා මුහුණේ තෙල් තට්ටු ඉවත් වෙලා සම වියලෙන්න පුළුවන්.
  • දවසට දෙවරකට වඩා සෝදන්න එපා.
  • සෝදද්දී සිතල හෝ උණු ජලය එක්ක cleanser පාවිච්චි කරනවා නම් ගොඩක් හොදයි.
  • වියලි පිරිසිදු තුවායක් මුහුණේ තෙත මාත්තු කරන්න නිතරම තියාගන්න.
  • තදට මුහුණ අල්ලන්නත් එපා.
මුහුණ සොදත්දී කලින් කියපු cleanser භාවිතා කිරීමෙන් මුහුණේ සම මත තිබෙන දුහුවිලි, තෙල්, රුපලාවන්‍ය ආලේපන වැනි දේවල් ලෙහෙසියෙන්ම ඉවත් කරන්නට පුළුවන්. ඊට අමතරව සම පිලිබඳ වෛද්‍යවරයාගෙන් රෙටිනොයිඩ් ආලේපන සහබ්‍රෝන්සිල් පෙරොක්සයිඩ් සහිත නිෂ්පාදන භාවිතය ගැන විමසා සිටින්න.

ඖෂධීය මී පැණි

මී පැණි කියන්නේ හොද ස්වාභාවික විෂබීජ නාශකයක්. මුහුණේ ආලේප කර තියන්න පුලුවන්නම් විනාඩි 10-20 අතර කාලයක් කුරුලෑ මට්ටුවට එය රුකුලක් වෙයි. පුලුවන්නම් කුරුදු කුඩු ටිකක් දාන්න මීපැණි ටිකට ම. ඊටපස්සේ සෝදන්න.

හුමාලය ඇල්ලීම

උණු වතුර භාජනයකට දාලා ඊට උඩින් හිස යොමා මුහුණ හුමාලයට හෙමින් නිරාවරණය කරන්න. (මෙය කරනා විට ඉතා ප්‍රවේසම් වන්න මතක තියා ගන්න. හුමාලය නටන වතුරටත් වඩා උෂ්ණයි.) මුහුණේ ඇති දහදිය එන රෝම කුප විවර වෙලා මුහුණේ අපද්‍රව්‍ය ඉන් ඉවත් වී යාවි. ටික වෙලාවක් මෙහෙම කරලා, ඇල්වතුරෙන් මුහුණ සෝදා හරින්න. පිරිසිදු තුවායකින් මුහුණ තෙත මාත්තු කරන්නකෝ.

දෙහි ඉස්ම

කපු රෙදි කෑල්ලක් අරං දෙහි ඉස්ම වල පොගවල පිරිසිදු කරගත් කුරුලෑ තුවාලය මත තියලා තෙත මාත්තු කරන්න. මුහුණ වියලී ගියායින් පස්සේ නින්දට යන්න. දෙහිවල තියෙන ශාක සාර සහ අම්ලතාවය නිසා කුරුලාව වියලීමට සමත්වෙනවා. ඒ විතරක් නෙවෙයි. කුරුදු කුඩු ස්වල්පයක්, ඒ කියන්නේ මේස හැන්දකින් හතරෙන් එකක් වගේ අරගෙන, දෙහි ඉස්ම එක්ක එකතු කරලා නින්දට පෙර මුහුණේ ආලේප කරලා උදේට මුහුණ සෝදන්න. කුරුලෑ වියලී යාමට මෙය රුකුලක් වේවි.


අයිස් කැට

සමහර වෙලාවට මුහුණේ කුරුලෑ දැවිල්ල ගන්නවා. ඒ අපේ මුහුණේ තියෙන දහදිය සහ දුහුවිලි වලින් කුරුලෑ ආසාදනය වෙන්න පටන් ගත්තම. එත් ඔබට පුලුවන්නම් ඒ වගේ වෙලාවකට මුහුණට [ඒ කුරුලෑ වලට] අයිස් වගේ දෙයක් තියන්න, ඒ කුරුලවල තියෙන වේදනාවයි ඉදිමුමයි දෙකම සමනය වේවි.


කඩල පිටි මිශ්‍රණය

මීපැණි හැඳි දෙකයි, කහකුඩු ස්වල්පයයි, කඩල පිටි මේස හැඳි තුනක් ගෙන එය හොඳින් එකට මිශ්‍ර කර මුහුණේ ගාන්න. පැක් එක මුහුණට වියලී ගියාට පසුව සෝදා හරින්න.


මම හිතනවා මේ tips වලින් ඔයාලට දෙයක් දැනගන්න පුළුවන් වෙන්න ඇති කියල.



යාලුවන්ටත් දැනගන්න share කරන්න.
Previous
Next Post »