Pages

Never fail exams read this tips - අසමත් නොවී විභාගය ලියන්නෙ මෙහෙමයි


විභාගය අසමත් වන්නේ ඇයි ? අසමත් නොවී විභාගය ලියන්නෙ මෙහෙමයි

විභාගය ජයගන්න වාසනාව විතරක් මදි


විභාගය අසමත් වීම කෙරෙහි හේතු රාශියක් බලපායි. විභාගය පිළිබද ඉතා සැහැල්ලුවෙන් සැලකීම ඉන් එක කරුණකි. එනම්,
සමහර ශිෂ්‍යන් විභාග ප්‍රථිපල වාසනාව මත පමණක් රදා පවතින්නක් බව සිතා එදිනෙදා පාඩම් කටයුතු නියෙලිම දේශන වලට සවන්දීම
පමණක් සිදුකරයි. ඔව්න් විභාගයට විශේෂ සුදානමක් සිදු නොකරන බැවින් අසමත් විය හැකිය. එමනිසා විභාගයට කල්තියා
සුදානම් වීම අත්‍යවශයි.

කිසිම කොටසක් මගහරින්න එපා


තවද සමහර  ශිෂ්‍යන් පාඩම් මාලාවේ යම් කොටසකට පමණක් අවධානය යොමුකර පාඩම් කිරීම සිදුකරයි. එනම්, එම කොටස
විභාගයට ලැබීමට වැඩි ඉඩක් ඇතිබව අනුමාන කර ඒවා පමණක් පාඩම් කිරීමයි. එවිට අනෙක් කොටස් මගහැරී යාමෙන් විභාගයට
නිසි ලෙස පිළිතුරු සැපයීමට නොහැකි වේ.
පාඩම් කිරීමේදී කිසිදු කොටසක් මගනොහැර පුර්ණ විශයමලවම හොදින් අධ්‍යනය කලයුතුයි. විවිධ ගුරුවරු යම් යම් කොටස් පෙන්වා විභාගයට ඒවා
පමණක් ඇසිය හැකි බව පැවසුවද එය අවිනිශ්චිතය. විෂය මාලාවේ ඕනෑම ස්ථානයකින් අසන ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට
ශිෂ්‍යාට හැකි විය යුතුය.

නින්ද විවේකය ඉතාමත් වැදගත්



ඇතැම් ශිෂ්‍යයෝ කොතෙකුත් පාඩම් කලද ප්‍රමාණවත් නොවන බව සිතා විවේකයකින් තොරව වැඩෙහි යෙදෙති. නිසිලෙස
ආහාරපාන ගැනීම, ප්‍රමාණවත් විවේකය හා නින්ද විභාගයට හොදින් මුහුණදීම සදහා අත්‍යවශ්‍යයි. විවිධ විෂයන් සමබර ලෙස
පාඩම් කිරීමටත් අන්තගාමී නොවී පාඩම් කටයුතු සංවිධානය කරගැනීමටත් විභාගයට නිර්භයව මුහුණ දීය හැකි කායික හා මානසික
ශක්තිය ගොඩනගා ගත හැක.

ඍන ආකල්පවලින් බැහැරවන්න


ඍනාත්මක ආකල්පවලින් බැහැර වී විභාගය කෙරෙහි ශුබවාදී සිතුවිලි සහිතව බැලීමද එයට සාර්ථකව මුහුණදීමට
අවශ්‍ය ධෙර්ය ලබා දේ. බොහෝවිට විභාගය මගින් අනාගත රැකියාව මාර්ගය තීරණය කලද, විභාගය මගින්
ඇතිකරන පීඩනය පසෙකලා පාඩම් කටයුතු සිදුකල යුතුය. විභාගය අසමත්වීමට ඇති නබුරුතව අමතක කර ඔබ සමත්වීමට
වැඩි නබුරුතාවයක් ඇති බවද, විභාගය යනු විනාශයක් නොව තවත් එක අභියෝගයක් පමණක් බව සලකා ඊට මුහුණදිය
යුතුය. විභාගය සාමාන්යෙන් සැකසෙනේ බහුතර ශිෂ්‍යන් හට සමත්වීමට හැකි ආකාරයටයි. එබැවින් ඔබද සමත් වීමේ
විශාල ඉඩකඩක් පවතින බව සිහි තබාගන්න. ඔබ කැප වී විභාගය සදහා පුනරීක්ෂණ කටයුතු සිදු කළහොත් නිසැකවම
ඉන් ඉතා උසස් ප්‍රතිපලයක් ලබාගත හැකි වනුඇත.


අධ් තක්සේරුව ඔබව පහලට ඇදදමයි


නමුත් මේ අයුරින් තමා ගැන අධි තක්සේරුවකින් පසුවීමද සිදු නොකලයුතුයි. තමා හැකි උපරිම විභාගය සදහා මුහුණදෙන
 බවටත්, තමා කල කාර්යට ප්‍රමාණයට අනුරූපව ප්‍රතිපල ලැබෙන බවත් සලකා ඒ සදහා කැපවිය යුතුයි. එසේ නොඋනහොත්

ප්‍රථිපල පැමිනි විට පසුතැවිලි වීමටත් දුක් වීමටත් සිදු නොවේ.





 යාලුවන්ටත් දැනගන්න share කරන්න.


Previous
Next Post »